මාතොට පුරයට වාහල්කඩ බඳු
මාර/ශාරිපුත්‍ර විදුහල්මාතාව මහත් අභිමානවත් ලෙස සිය අනූපස් වැනි විය සමරන්නී.
මාතර පුරවරයේ
පඹුරන ශ්‍රී වාලුකාරාම වාසීව වැඩ විසූ අතිපූජ්‍ය කඹුරුගමුවේ රතනජෝති මාහිමිපාණන්වහන්සේගේ සිත් තුල ජනිත වූ පින් සිතුවිලි මත ප්‍රදේශයෙ බොදු දරුවන් වෙත පෑ අනුකම්පාව පෙරදැරිව 1927 නොවැම්බර් මස මෙවන් පින්බර දිනයක ජන්ම ලාභී වූ සුපින්බර ඈ ...
හදවතින් පිවිතුරු පැනසරින් සුරගුරු එඩිතරින් බාසුරු සුපේශල දරුපරපුරක් රටට දායාද කරමින් ඔවුනගෙ දක්ෂතා ජාතික මට්ටමේ පමණක් නොව නව නිපුණතා ලෝ තලයටම ගෙනයමින් මුතුහර මල්දම් ගෙල පලඳා පිදුම් ලබමින් තුටු වන ඈ ... වත්මන්හි සපුරාගත් භෞතික හා මානව සම්පත්
බොහෝයි .
පඹුරන ශ්‍රී වාලුකාරාම පින්බිමේ බෝසමිඳුන් සිසිලේ පහස ලබමින් දිවිගෙවන්නී ඈ තවත් චිරාත් කාලයක් රට දැය සමය වෙත
විදු සක්විත්තෝ පැරකුම්බාවෝ සේම විශාඛාවන් මහවිහාරදේවියන් බිහිකිරීමට බලා සිටින්නී සිය ජන්ම දිනය සැමරුම තම උනුසුම් තුරුලේ රැඳුණු හා රැඳී සිටින සැමට සෙත් පතා පැවැත්වූ පින්කම් මාලාව
බම්බලපිටිය ශ්‍රී වජිරාරාමධිපති අතිපූජ්‍ය මහනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණන්වහන්සේ ගේ මූලිකත්වයෙන් හා අනුශාසකත්වයෙනි .
සිදු කළ පරිත්‍රාණ ධර්ම දේශනාව පසු දින එකසිය දොළොස් නමක් විෂයෙහි සිදුකළ සංඝගත දක්ෂිණාව සඳහා පූර්ණ අනුශාසකත්වය සැපයුවෙ පාසලේ උන්නතිය වෙනුවෙන් නිරන්තර වෙහෙසුණු විශ්‍රාමව වෙසෙන වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති විල්පිට සුධර්මාලංකාර හිමිපාණන් හා වේරගම්පිට සිරිමංගල පිරිවෙන් අධිකාරී පූජ්‍යපාද කැලණියෙ අජිත ස්වාමීන්වහන්සේලාගේ දායකත්වයෙනි .
එකාවන්ව වෙහෙස වූ විචිත්‍රවත් පින්කම් මාලාව නිමාවක විදුහල්පතිතුමිය ඇතුළු අධ්‍යන අනධ්‍යයන කාර්ය්මණ්ඩලය , දෙමාපියන් හා දරුවන්ගේද සුබ පැතුම් එක්කළ සැමගේද ඒකායන ප්‍රාර්ථනය
නම් ...
කෘතගුණ වේදිත ප්‍රජා පරපුරක් සමාජයට යොදවමින්
හෙළයේ නිබඳේ බැබලෙත්වා සැරියුත් විදුහල් මාතා !