විසි වන සියවස අග භාගය වන විට මාතර අවට ක්‍රියාත්මක වූයේ කතෝලික පාසල් පමණි. බෞද්ධ පාසලක අවශ්‍යතාවය පඹුරන ප්‍රදේශවාසී ප්‍රභූ පිරිස්වල සිත්සන් තුලට තදින්ම දැනෙන්නට විය. මේ වන විට මාතර රාහුල විද්‍යාලය බෞද්ධ පාසලක් ලෙස ආරම්භවී වසර දෙකක් ගතවෙමින් තිබුනු අතර පඹුරන ප්‍රදේශයේ යෝජිත පාසල වෙනුවෙන් නීතීඥ යූ. පී. ගුණවර්ධන, පීටර් විජේරත්න යන මහතුන් ප්‍රමුඛ පිරිසක්, පඹුරන වාලුකාරාම විහාරාධිපති කඹුරුගමුවේ රතනජෝති හිමියන් හා සාකච්ඡාවක නිරතවිය. එහි ප්‍රතිඵලයක් ලෙස උන්වෙහන්සේගේ අනුශාසකත්වයෙන් විද්‍යාභිවර්ධන බෞද්ධ සමිතිය නමින් සංවිධානයක් පිහිටුවාගනු ලැබිණ. යෝජිත පාසලෙහි කළමණාකාර ධූරය සඳහා ඩී.බී.සමරසිංහ මහතා පත්කරගනිමින් විද්‍යාභිවර්ධන සමිතිය මගින් පාසල ඇරඹීමට කටයුතු කල අතර රතනජෝති ස්වාමීන් වහන්සේ විසින් පිංවත්ත නමින් ඉඩම් කොටසක් පවරා දෙනු ලැබිණ. මැටි ගැසූ වරිච්චි බිත්ති හා පොල් අතු සෙවිල්ලේන් යුතු අඩි 60 x 20 ගොඩනැගිල්ලක ළමුන් පනස් දෙදෙනකුගෙන් යුතුව 1927 නොවැම්බර් මස 7 වැනි දින පාසල ආරම්භ කරන ලද අතර ආචාර්යවරුන් ලෙස උයන්ගොඩ මහතා හා ඇඩී සේනාරත්න මහතා කටයුතු කරන්නට විය.
අපේක්ෂිත තත්ත්වය ඉක්මවමින් මෙම පාසල දියුණුවට පත්වෙමින් පවතින අතර එන්. කේ. ඒ.ජෝන් මහතා විදුහල්පති තනතුරට පත්විය. එතුමන්ගේ පාලන කාලය තුල අඩි 60 x 20 ශාලාව 120 x 20 බවට පත්කරන ලද්දේ පාසල වෙත පැමිනෙන සිසුන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන්නට වීම හේතුවෙනි. ඒ සමගම තවත් අඩි 60 x 20 ශාලා දෙකක් ඉදිකිරීම ද මේ යුගය තුල සිදුවිය. ශාලා ඉදිවෙත්ම භූමි ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වාලුකාරාමාධිපති හිමියන් හා ජී.එච්.ජයසේකර මහතා විසින් නැවතත් ඉඩම් කොටස් ලබාදීම සිදුවිය. මේ අතර එච්.සී.පී ගුණවර්ධන මහතා ද ශාලා වෙනුවෙන් මුල්‍යමය ආධාර ලබා දුනි.
ඒ. සමරජීව විදුහල්පති යුගය ඉන් අනතුරුව එළඹුනු අතර පාසලේ දියුණුවට එතුමාගෙන් විශාල සේවයක් සිදුවෙමින් පැවතිනි. එතුමාගෙන් පසුව අධිපති ධූරයට පත්වූ නන්දසිරි මුතුකුමාරණ මහතා පාසලේ අඩුපාඩු රැසක් සම්පූර්ණ කල අතර එහි ස්වර්ණ ජයන්තිය සැමරීමද සිදුවූයේ මෙකලය. 1968 වර්ෂයේදී ශාරිපුත්‍ර විද්‍යාලය මහ විද්‍යාලයක් බවට පත්විය.
රෙජිනෝල් මහතා විදුහල්පති තනතුර දැරූ කාලසීමව තුල උසස් පෙළ වාණිජ අංශය ආරම්භ කිරීම, විදුහල්පති කාර්යාලය සහ එළිමහන් වේදිකාවක් ඉදිකිරීම සිදුවිය. ඉන් පසුව විදුහල්පති තනතුරට පත් විජේදාස ගමගේ මහතා බුදුමැදුර හා තෙමහල් ගොඩනැගිල්ල සඳහා ද විද්‍යගාර දෙකක් සඳහා ද මුලාරම්භය සිදුකලේය. මේ සියල්ල ඉදිකොට සිසු අයිතියට පත් කිරීමේ කාර්යභාරය බිනර උයන්ගොඩ විදුහල්පති තුමා විසින් සිදුකෙරිණි.
එතුමාගේ විශේෂිත සේවාන් අතර උසස් පෙළ කෘෂි විද්‍යා අංශය ආරම්භ කිරීම, රථ නියාමක අංශය, මාධ්‍ය ඒකකය ,පරිසර නියමුභට කණ්ඩායම්, බාල දක්ෂ, කැඩෙට් පුහුණුව, ක්‍රිකට්, චෙස් කණ්ඩායම් පුහුණු කිරීම ආදිය සඳහන් කල හැකිය. ශාරිපුත්‍ර විද්‍යාලය නවෝද්‍යා පාසලක් බවට පත් වී සිසු දියුණුවක් ලැබු යුගයක් ලෙස බිනර උයන්ගොඩ විදුහල්පතිතුමාගේ සේවා යුගය ප්‍රදේශවාසී ජන හදවත් තුල සනිටුහන්ව ඇත.
අනතුරුව එළඹියේ දුලානි කමල් රේණුකා විදුහල්පතිනියගේ සේවා යුගයයි. එතුමිය දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් දියත් කළ අතර, පාසල් පරිශ්‍රය අලංකරණය, පාසල් පරිපාලන ව්‍යුහයේ සාධනීය වෙනස්කම් ආදිය සිදු කරන ලදී. ශාරිපුත්‍ර විද්‍යාලය ද්විතීයික පාසලක් බවට පත් වීමත්, මහින්දෝදය විද්‍යාගාරය ඇතුළු ප්‍රතිලාභ රැසක් ඒ හරහා පාසලට ලැබීමත් මෙම යුගයේ වැදගත් සිදුවීම් අතරට එක් විය.
ආරම්භ කළ වර්ෂය |
1927 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
50 |
මුල් ගුරුවරුන් |
උයන්ගොඩ මහතා හා ඇඩී සේනාරත්න මහතා |
පාසලේ ආදි කතෘගේ නම |
කඹුරුගමුවේ රතනජෝති හිමියන් |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
ශාරිපුත මහා විද්‍යාලය |
මුල්ම විදුහල්පති |
එන්. ඩී. එම්ම. ද සිල්වා මහතා |
රජයේ පාසලක බවට පත්වීම |
19262.01.01 |
පාසල මහා විද්‍යාලයක් බවට පත් වූ වර්ෂය |
1968 |
පාසල පැවැත්වූ ස්ථානය |
පිංවත්ත නම් වූ ඉඩමේ |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
නීල් සේනාරක්න මහතා |
{QF3=5}