සිසු ගණ සැම නිති යහ මග
යවමින් සැරියුත් විදුහල් මාතා
හෙළයේ නිබඳේ බැබළෙත්වා !
සැරියුත් විදුහල් මාතා .......
ධර්ම ධර්ම ප්‍රදීපෙන් නැගි ආලෝකය අප හද දල්වා බැතිනි
කෘත ගුණ වේදිත ප්‍රජා පරපුරක් සමාජයට යොදවමිනි
හෙළයේ නිබඳේ බැබළෙත්වා !
සැරියුත් විදුහල් මාතා....
මාතොට පුරයට වාහල්කඩ ලෙස පෙරමුණ නිති හොබවමිනි
පතාක කොඩි ගත් විරු දරුවන් රැස අපේ දැයට ජය දෙමිනේ
හෙළයේ නිබඳේ බැබළෙත්වා !
සැරියුත් විදුහල් මාතා....
සැමදා අපි වෙමු මිතුරෝ කිසිවෙක් නැත පස මිතුරෝ
විදු සක්විත්තෝ පැරකුම්බාවෝ අප අතරින් බිහි වෙත්වා!
විශාකාවො මහ විහාරදේවිහු අප අතරින් බිහිවෙත්වා!
කලා ශිල්ප නිති නංවා රකිමු වඩමු සිරි ලංකා
සිසු ගණ සැම නිති යහ මග යවමින් සැරියුත් විදුහල් මාතා...